එකම බැඳුම ඔබය
මේ ලෝකේ දමා යන්නට හැකි දේවල් ගැන ඔබ සිතුවාද? එසේම මේ ජීවිතයේදී දමා යන්නට නොහැකි දේවල් ගැන ඔබට කල්පනා වුණාද? ඇතැම් දේවල් සමඟ ඇති බැඳීම් මුදා හරින්නට කලින්ම මුදා හැරෙයි. ඇතැම් බැඳීම් බිඳී ගියත් මිදී නොයයි. බැඳීම් – බිඳීම් – මුදා හැරීම් – මිදීම් කවදත් පුදුමයක්ම තමයි.මේ ජීවිතයේ ඔබගේ සමීපතමයා කවුද? හදවතට කතාකර බැලුවාද? දූ දරු ප්‍රේමය, මාපිය ප්‍රේමය, සහෝදර ප්‍රේමය, ඒ සියලු ප්‍රේමයන් ගෙන් වෙනස් වූ අද්විතීයම ප්‍රේමය අඹු සැමි ප්‍රේමය යැයි මම කියමි.
ඔබ සිටිනා තැනින් මඳක් ඉහළට යන්න. ඉහළට යා යුත්තේ අහසින් නොවෙයි. මනසින්ය. එසේම මසැසින්ය. එසේම වයසින්ය. එවිට ඔබට පෙනෙන්නේ කුමක්ද?
මේ සක්වළ යට නර සතුන්ගේ බැඳීම් ගැන ඔබට කුමක් සිතේද? ඔබේ බිරිඳ ඔබේ මවය, ඔබේ සහෝදරියය, ඔබේ යෙහෙළියය. එසේම ඔබේ සැමියා ඔබේ පියාය, ඔබේ සහෝදරයාය, ඔබේ යහළුවාය. වැඩිපුරම තනතුරු දරා සිටින්නේ ඔබේ ජීවිතයේ පංගුකාරිය හෝ පංගුකාරයාය
.
දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි
බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ හුන්
ළබැඳි සිත්මල් පරව යන විට
පසක් වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක්මය - සසර මඟ දකිනා
බැඳුණු සෙනෙහස නොවන නිම්හිම්
ඇතද පණ නල සමග රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යා යුතුය ඒ නියත නික්මන - සියලු බැමි සිඳිනා
පද :- කුලරත්න ආරියවංශ
සංගීතය :- රෝහණ වීරසිංහ
ගායනය :- සෝමතිලක ජයමහ
ඉතින් ජීවිත කාලයේදී පැරණි නොවී රමණීය වෙවී පවතින්නාවූ මේ අඹුසැමි ප්‍රේමය ගැන කවර
කතාද?ජීවතුන් අතර සිටියදීම වෙන්වීමක් ගැන මරණයෙන් වෙන්වීමක් ගැන සිතීම හෝ කතාකිරීම බොහෝවිට නොකරනා දෙයකි. නමුත් කවියන් හා ගීත රචකයන් යනු සාමාන්‍යයෙන් ජීවිත භාවයන් පිළිබඳ පෙරදැක්මක් ඇති අයමය. මේ භාවපූර්ණ ගීතයේ නිර්මාතෘ කුලරත්න ආරියවංශයෝ ඒ ගැන මෙසේ පවසති.
”ඇත්තටම වෙන්වීම කියන්නෙ මහා දුකක්. මරණයෙන් වෙන්වීම කියන්නේ හැම වෙන්වීමකටම වඩා තියුණුව දැනෙන දුකක්. සමීපතමයන්ගේ වියෝගයන්හිදී මම ඒ දුක අත්වින්දා. නමුත් මට උහුලාගන්නම බැරි විදියේ වේදනාවක් දැණුනේ අපගේ ඉතාම සමීපතම සහෘදයකුª වන ධර්මසිරි ගමගේ හිතවතාගේ වියෝවේදි. ඒ කම්පනය ඔස්සේ තමා මගේ සිත මරණය ගැන දැඩි ලෙස සිහිවුණේ.
එවෙලේ මට හිතුණා මම මිය ගියොත් මගේ දරුවන්ට නම් කවදාහරි ඔවුන්ගේ සහකරුවන් හිඳීවි. ඒත් මගේ බිරිඳට නේද කවුරුවත් නැතිවන්නේ කියන හැඟීම. ඒ ඔස්සේ මේ ගීය ලියැවුණේ. එය මම ගයන්න දුන්නේ හිත මිත්‍ර සෝමතිලක ජයමහයන්ට. ඒ වන විට ඔහු මගෙන් ගීතයන් ඉල්ලලා අවුරුදු 30 ක්ම ගතවෙලා තිබුණා. ඉතින් හැත්තෑවෙ දශකයේදි ඔහු මගෙන් ඉල්ලා සිටිය ගීතය මේ විදියට 2006 දි වගේ තමා ලියවිලා ඔහු අතට ගියේ. එහි අර්ථයට ඔහු ඉතාම කැමැති වුණා වගේම රෝහණ වීරසිංහයන්ගේ සංගීතයත් ඊට මැනවින් යෙදුණා.”
හදේ තනි නොතනියට හිටි ඇතැම් අය වෙන් වෙලා යති. ඒ තාවකාලිකව බැඳී සිට යන තාවකාලික වෙන්වීමය. ඒ වෙන්වීමද දුකක්මය. නමුත් ඒ දුක පිළිබඳව හිත හදාගත හැකිය. ඒ ඔවුන් ඔවුන්ගෙන් වෙන්වෙලා ගියත් කොහේ හෝ සිට හොඳින් ඉන්නවා ඇතැයි හිත හදාගන්නට පුළුවන් නිසාය. නමුත් මරණය කියන්නේ ඊට වඩා මහා අමුතුම වෙන්වීමකි. එහි නියම අරුත බොහෝ දෙනෙකුට පසක් වන්නේ සමීප අත්දැකීමකට මුහුණ දුන්නොත් විතරක්මය.
මෙලොව ඉපදුණු අප කිසිම දෙයක් ගෙන එන්නේ නැත. කොටින්ම අප සන්තකව අචේතනික හෝ සචේතනික කිසිවක්ම නැත. නමුත් ජීවිත කාලයේදී නොයෙක් හැලහැප්පීම්වලට භාජනය වී අන්තිමටම හැබෑ ආදරය සොයා එයි. ඒ ආදරය හදවතේ මෙන්ම ජීවිතයේදී ලැයිස්තුගත වෙයි. ඒ මත විවාහයේ මුද්‍රාව වැටෙයි. ඒ මුද්‍රාවෙන් මතු නොව අඹු සැමියන් වශයෙන් ජීවිතය කුල ගෙදර නම් මිහිරි සිර කුටියක සිරවෙයි. ඒ බැඳීම් හා වෙලීම් මුදා හැර එක්කෙනෙකුට පිටව යන්නට සිදුවීම තුළ, ඉතිරිවන්නා ජීවිත කෙළවර තෙක් දුක්විඳියි. ඒ ලෝක ස්වභාවයය.
දමා යන්නට නොහැකි...
පියේහි විප්පයෝගෝ දුක්ඛෝ...
|
දමායන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැදුම ඔබ පමණයි
බැදී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතියට වැඩ හුන්
ළැබැදි සිත් මල් පරව යන විට
පසක් වේ අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක්මය
සසර මග දකිනා
බැදුණු සෙනෙහස නොවන නිම් හිම්
ඇද පන නල සමග රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාවක හෝ
යායුතුය ඒ නියත නික්මන
සියළු බැමි බිදිනා
|
මිනිසුන් වන අපට කොතරම් බැඳීම් තියෙනවද... දේපල වස්තුව
මිල මුදල් දරැවන් බිරිඳ... සැමියා මේ හැම දෙයක්ම බැදීම්. මේවාට ලොබ බැදගෙන හිත...
අවසන් හුස්ම පොද හෙළන්නේ තන්හාවෙන්...
දමායන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැදුම ඔබ පමණයි
අපිට මේ හැම දෙයක්ම හැර දමා යන්න පුළුවන්... ඒත් ඒත් එකම
බැදීමක් තියෙනවා. ඒ ඔබමයි. මේ ලෝකයේ මට හැම දෙයක්ම අතැහැර දමා යන්න පුළුවන්. ඒත්
එක සම්පතක් හැර... ඒ ඔබයි... ඔබට තියෙන බැදීමෙන්... මා මිදී යන්නේ කොහොමද?
ජීවිතයේ අනියත බව... ඉතාම හැගුම්බර පද පෙළකින් පද
කුලරත්න ආරියවංසගේ, ගීය ලියන්න කුලරත්නට හේතු වුණේ සංවේදී අවස්ථාවක්. ධර්මසිරි
ගමගේ නම් සොහොයුරාගේ මරනය හදිසියේ සිදුවූවක්... අදහා ගන්නත් බැහැ. හොදට හිටපු
මිනිසෙක් හදිස්සියේම මියයෑම කොතරම් කම්පනයක්ද. ධර්මසිරි පාසල් කාලයේ පටන් ම මා
හදුනාගෙන සිටිය සමීප හිතවතා. මේ වියෝව අපට හරියට බලපෑවා මේ වගේ රටට වටිනා අය...
අවසානයේදී ඉතින් හැමදෙයක්ම හැම කෙනෙක්ම දාලා යන්න වෙනවා.
එදා මරණෙට ගියාම මට ඇතිවුණු සිතුවිල්ල තමයි ඒ අපිට කිසිම
දෙයක් ස්ථීර නැහැනේ. අපි නොසිතූ වෙලාවක හැම දෙයක්ම දාලා යන්න වෙනවා. කුලරත්න
ආරියවංස ගියේ නිමිත්ත එසේ හෙළිකළා. ගීතය ගැන අසද්දී සෝමතිලක ජයමහ ශිල්පියාද
ජීවිතයේ අනියත බව මෙනෙහි කළා.
බැදී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතියට වැඩ හුන්
ළැබැදි සිත් මල් පරව යන විට
පසක් වේ අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක්මය
සසර මග දකිනා
දුකේදීත් සැපේදීත් එකට සිටි අය මල් මෙන් පරව යද්දී... ලෝකය අනියත බව සිහිපත් වෙනවා. මේ ජීවිතය සිහිනයක්. එය සංසාරයේ මං පෙත් අපට පෙන්වන හීනයක්.
සැප සම්පත් හැම දේම අපට දාලා යන්න පුළුවන්. ඒත් දූ
දරැවන් බිරිඳ කෙසේම් වාවත්ද ඒ අය ගැන
හිතත්දී. ඒ හිතට සහනයක් දැනෙනවා. දියණිය ගැන හිතද්දී පුතා ගැන හිතත්දී දුවනියට
කවදා හෝ සැමියෙක් ගැබේවි. එතැන් සිට ඔවුන්ට ජීවිතය ගෙන යා හැකියි. ඒත් ඒත් ජීවිතයේ
මෙතෙක් දුර එන්නට අත්වැල සැපයූ වෙර වීරිය ලබා දුන් බිරිය අතැහැර යන්නේ කොහොමද...
තනි නොතනියට ළග කවුරැත් නොසිටීවි. මින් පසු හුදෙකලා වේවි. දමා යන්නට බැරි වටිනාම
සමිපත ඇයයි.
බැදුණු සෙනෙහස නොවන නිම් හිම්
ඇද පන නල සමග රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාවක හෝ
යායුතුය ඒ නියත නික්මන
සියළු බැමි බිදිනා
ඉමක් කොනක් නොපෙනෙනා මේ බැදී සෙනෙහස පාණවායුව සමග බද්ධ
වෙලා. ඒත් මේ අත්වැල ගිලිහෙන දවසක් කවදා හෝ උදාවෙනවා. ඒක නියතයක්. ඉතින් සෑම
බැදීමක්ම බිද දමමින් ඒ නියත ගමන යා යුතු වෙනවා.
ජීවිතය හා මරනය... කුලරත්න ආරියවංශගේ. මේ පද පෙළින්
හැගුම්බර ලෙස අපට කියාදෙන පාඩම් පැහැදිලියි.
කුලරත්න, සෝමතිලක, රෝහණ වීරසිංහ සම්මාදමෙන් හැදුන මේ ගීතය
කාටත් පොදු වූවක්... ඕනෑම කෙනෙකුගේ හදවතට දැනෙන ගීයක්...ඳ්න පුළුවන්. ඒත් දූ දරැවන් බිරි් මෙන් පරව යද්දී... ලෝකය
අනියත බව සිහිපත් වෙනවා. මේ ජීවිතය සිහිනයක්. එය සංසාරයේ මං පෙත් අපට පෙන
0 comments:
Post a Comment